April 25, 2024

ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ව්‍යාපෘතියේ අක්‍රමිකතාවයක් - RDA ලොක්කෙකු සහ පුද්ගලික සමාගමක් හවුල් වෙලා

February 17, 2020

රටපුරා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිරිකිරීමේ ව්‍යාපෘතියේ මැනුම් කටයුතු සිදුකිරීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි එම ටෙන්ඩරයට ඉල්ලුම් කළ සමාගම පෙන්වා දෙයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 15 කම මාර්ග මැනීමේ කටයුතු සහ සැලසුම් කටයුතු එකම සමාගමකට ලැබීම පිළිබඳව සැකයක් මතුවන බවද එම ටෙන්ඩර 30 ලබාගත් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු අතර යම් සබඳතාවයක් පවතින බවටත් සැකයක් මතුවන බවද එම සමාගම අවධාරණය කරයි.

නව රජයේ වැඩපිළිවෙළකට අනුව රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිරිකිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය මැනුම් හා සැලසුම් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබිණි.

Rate this item
(0 votes)