April 24, 2024

මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා - ජනපති ලේකම්ගෙන් මැ.කොට ලිපියක් Featured

February 17, 2020

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා හෝ 3 වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසූවේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව මහමැතිවරණය බොහෝදුරට අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇත. මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග පැවසී ය.

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගිය දා ලිපියක්ද යවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු සහ දිවයිනට පැමිණි පසුව යවනු ඇති බව වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.a

Rate this item
(0 votes)