March 29, 2020

"වියත්මග කියා බෑ - ඡන්දය ඉල්ලනවානම් පොහොට්ටුවට බැදෙන්න" - තාරක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ වියත්මග සංවිධානයට වෙනම නාමයෝජනා ලබාගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් එම සංවිධානයේ කවරෙකුට හෝ මහමැතිවරණයට තරග වැදීමට අවශ්‍ය නම් ඔවුන් මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ එහි සහෝදර පක්ෂයක සාමාජිකත්වය ලබාගත යුතු බවත් අමාත්‍ය තාරක බාලසූරිය මහතා අවධාරණය කරයි. 

තාරක බාලසුරිය මහතා මේ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ඔය කිව්වට වියත්මගෙන් විශාල ප්‍රමාණයක් ඉල්ලනවා කියලා මම දන්න තරමින් තාම දෙන්නයි ඉල්ලන්න බලාපොරොත්තුවක් තිබෙන්නෙ දිස්ත්‍රික්ක මට්ටමෙන්. වියත්මගෙන් කියලා එහෙම ඉල්ලන්න බෑ. ඉල්ලන්න ඕනෙ අනිවාර්යයෙන්ම පක්ෂෙකින්. මේ වියත්මගේ ඉන්න කට්ටියටත් අපේ සහෝදර පක්ෂෙකට හරි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හරි එක්කහු වෙන්න ඕනෑ" 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 February 2020 09:06