March 29, 2020

හමුදාපතිවරයාව ඩයස්පෝරාවට ඕනේ විදිහට නටවන්න බෑ - සී.බී.රත්නායක

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඩයස්පෝරාවට අවශ්‍ය ලෙස හැසිරවීමට නොහැකි නිලධාරියෙක් බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳන් කළේය.

එසේම ඉදිරි මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවත් ඒ මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)