March 29, 2020

"හදවතින්ම අපි වෙන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා" - බන්දුලාල්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට යම් පිරිසක් එක්සත් ජාතික පක්ෂය යටතේ පමණක් තරගවඳින්නේ නම් එය රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීමක් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍යවෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"හදවතින්ම අපි වෙන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. හදවතක් නැති පොහොට්ටුවේ මිනිස්සු මොන මොන විදිහට කෑ ගැහුවත් එයාලගේ පොහොට්ටුවේ පෙති එකින් එක ගැලවී ගැලවී යන්නේ. ඒ නිසා අලියා ලකුණ දෙන්නේ නැතිනම් අපි හදවත ලකුණින් ඉදිරිපත් වෙනවා."

Rate this item
(0 votes)