July 06, 2020

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී පෙබරවාරි 17 දින දක්වා  ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 February 2020 19:06