February 18, 2020

හිටපු තානාපති උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද (14) අළුයම කටුණායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඔහු දිවයිනට පැමිණ ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Rate this item
(1 Vote)