April 05, 2020

පොහොට්ටුවේ ශ්‍රීලනිපයේ ගිනි අපේ අවුලවන්න හදනවා - විජේපාල

මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළද සියලු දෙනාගේ එකඟතාව මත ඉදිරියේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්ච් මහතා පවසයි.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂ පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට කිසිදු බලපෑමක් නොමැති බවයි.

එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි සිදුවන අතර මේ වන විට පෙරමුණක් ලෙස ශක්තිමත්ව ඉදිරි ගමන යෑමට සුදානම් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරන බවත් පැවසු හෙට්ටිආරච්චි මහතා, එම අදහස් නොව එකඟතාවයෙන් යා හැකි සෑම විටකම එක්සත් ජාතික පක්ෂ පෙරමුණ කණ්ඩායමක් ලෙස එකට යන බවත් කියා සිටියේය.

පොහොට්ටුව හා ශ්‍රීලනිප අද ගිනි අරන් ඇති බවත් ඒ ගිනි අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇවිලීමට යන බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය කඩා බිඳ දමා ඒ තුළින් මැතිවරණය ජයග්‍රහණයේ පරාජය විදීමට සුදානම් නැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Rate this item
(0 votes)