February 18, 2020

ශ්‍රීලනිපයේ කොන්දේසිවලට යටත් වෙන්න පොහොට්ටුව සූදානම් නෑ - ශෙහාන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුම් වල සිටියද බහුතරයක් දෙනා ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පොදුජන පෙරමුණ අවතක්සේරු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසිවලට යටත් වීමට පොදුජන පෙරමුණ සූදානම් නැති බවත් ඒ මහතා පැවසීය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය පිළිබඳවත් ඒ මහතා අදහස් පල කළේය.

"සජිත් ප්‍රේමදාසගේ හදවත අලියාට පෑගිලා තියෙන්නේ..හදවතක් තියෙන කණ්ඩායමක් නෙවෙයි හදවත තෝරගෙන තියෙන්නේ. සජිත් පාර්ශවය පට්ටපල් අමූලික බොරු කියන්නේ. සජිත් අසාර්ථක, කිසිදු දේශපාලන දර්ශනයක් නැති නායකයෙක් කියන එක ඔප්පු කරලා තියෙනවා."

Rate this item
(0 votes)