February 18, 2020

දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදීන් මුස්ලිම් ජනතාව බය කළා - මුසම්මිල්

ජාතිවාදීන් විසින් මුස්ලිම් ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහ දරන බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතැම් පිරිස් විසින් මුස්ලිම් ජනතාව බිය ගැන්වු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"මේ අය දේශපාලන මුස්ලිම් නායකයෝ නෙවෙයි..මුස්ලිම් දේශපාලන වෙළෙන්දෝ. අවුරුදු හතරහමාරක් නගරාධිපති ලෙස හිටියා. මොනවද නැති සම්පත්? කිසිම දූෂණ වංචාවක් කොළඹ නගර සභාවේ අපි කළාද? ගෝඨාභය එක්ක ඒ සෙල්ලම් බෑ. අපි කොළඹ ආසියාවේ දියුණුම නගරයක් කළා. දැන් මට ඡන්දය ඉල්ලන්නලු. අවස්ථාවාදී දේශපාලකයෙක් නෙවෙයි. මම රටට ගැලපෙන දේශපාලනය කළා. අද මේ රට පාලනය කරන විදිහට මේ ආණ්ඩුව තවත් වසර 10ක් සිටිනවා. තවත් අවුරුදු 10ක් ගෝඨාභය ජනපති, මහින්ද අගමැති."

Rate this item
(0 votes)