April 05, 2020

මහින්ද ගාව අවුරුදු 7ක් සිටි නවීන් අලියා රකින්න ලොකු සටනක

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පවසයි.

ඊයේ (13) සිරිකොත පක්ෂ මුලස්තානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාටත් අවුරුදු 72ක් වන බවයි.

එතුමාට වැඩි කාලයක් නොමැති බව පිළිගන්නා බැවින් අවසන් පරිච්ජේදය ලියා දැක්වීමට නායකවරයාට අවස්ථාව ලබා දිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

කනෙන් ඇද එළියට දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්ප්‍රදායක් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, ගාමිණී දිසානායක මහතා මේ සඳහා ආදර්ශයට ගත යුතු බවත් පැවසීය.

නවීන් දිසානායක මහතා 2007 සිට 2014 දක්වා පුරා වසර හත හමාරකට වැඩි කාලයක් සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේය.

Rate this item
(1 Vote)