April 18, 2024

සිංගිමලේ කන්ද ගිනි ගනී

February 13, 2020

හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ කන්ද පාමුලය.

සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් ඊයේ (13) උදෑසන 9.30 ට පමණ ගින්න හටගෙන ඇත. පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පවති.

සිංගිමලේ කදු මුදුණ සිට පහලට ගලා බසිනා ජල මුලාශ එක්රැස් කර ගනිමින් හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.

සිංගිමලේ කදු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම පක්ෂින් ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළෑටි ගණනාවක්ද තිබෙන බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් පවසයි.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැක කරයි.

පැතිර යන ගින්න පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවස ඒකකය, හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මේ වන විට කටයුතු කරමින් සිටිති.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර ගින්න පැතිර යන ස්ථානයට හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ උපකරණ රැසක රැගෙන යාමට අසිරු වී ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)