February 18, 2020

සෝෆා ගිවිසුම අත්සන් කරන්න තීරණය කර නෑ

රජය සෝෆා ගිවිසුම අත්සන් කිරීමට තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) පැවසීය.

මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතු බවත් එවැනි අනුමැතියකින් තොරව වත්මන් රජය කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවද ඔහු කීය.

කොළඹ, මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සොෆා ගිවිසුම පමණක් නොව රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් නොකරන බවද හෙතෙම කීය.

Rate this item
(0 votes)