April 20, 2024

“මම ඡන්දේ ඉල්ලන්නේ නෑ“ - ඇමරිකාවට ගියේ පුරවැසිභාවය ඉවත් කරගන්නද? බැසිල් කතා කරයි

February 11, 2020

මේවන විට තිබෙන වාතාවරණය අනුව තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් එය කාලය අනුව තීන්දු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවීම ලබන මාර්තු 2 වෙනිදා හෝ 3 වෙනිදා වන විට සිදු වනු ඇති බවත් පාර්ලිමේන්තු විසුරුවා හැරීම නීත්‍යානුකූලව කල හැකි පළමු දිනයේම එය සිදුකරන බවත් සතිඅන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ ගියේ රටේ ඉන්න බැරි තරමට ප්‍රශ්න උග්‍රවූ නිසාද? යන්න එහිදී ඇසූ ප්‍රශ්නයට බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

“නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මගෙන් ගිය ආණ්ඩුව ගත්ත ලොකුම පළිය තමයි මගෙන් මගේදරුවොයි නෝනයි වෙන් කරපු එක මට අධීකරණයෙන් යම් සහනයක් දුන්නා දෙවරක් ගිහින් එන්න. ඒත් එහෙම ගියාමත් මට කරදර කළා. නමුත් මේ පාර හිතේ සැහැල්ලුවෙන් යන්න අවස්ථාව ලැබුණා. මාස දෙකකට ආසන්න කාලයක් මම මේපාර හිටියා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. හිතේ සතුටින් හිටියා. පහුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව මට දුන්න ලොකුම තෑග්ග මේක තමයි කියලයි මම හිතන්නේ.“ යැයිද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබිණි.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ඇමරිකාවට යාමට අවශ්‍ය නොවන බවත් මෙරට තානාපති කාර්යාලයට අදාල ලියවිලි බාර දිය යුතු බවත් ඇමරිකාවේදී පුරවැසිභාවය ඉවත් කර ගත නොහැකි බවත් ඉන්න රටේදීම එම රාජකාරී කටයුතු කර ගත යුතු බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 February 2020 16:19