March 29, 2020

15 වෙනිදාට සජිත් අවසන් තීන්දුව ගනී - හදවතින් ඉල්ලීම ස්ථිරයි

සමගි ජාතික බලවේගය හදවත ලකුණින් එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැලක්වුවහොත් එළඹෙන 15 වනදා වන විට වෙනම තරඟ කිරීමේ තීන්දුවක් ගැනීමට එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට තිබේ. 

ඊයේ (10) සිරිකොත පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණෙන් යන්න රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ යළිත් අර්බුධකාරී තත්ත්වයක් ඉස්මතු වී තිබේ. අලියා ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් නාම යෝජනා අත්සන් කිරීමේ හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේ බලය එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට හිමි විය.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමට අනුමැතිය ලැබුණද මෙම සන්ධානයෙන් තරඟ කිරීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ පාර්ශවය වාදයක පැටලුණි.

රනිල් වික්‍රමසිංහ මහතාට ඕනේ නම් අලියා ලකුණෙන් ඉල්ලා ගන්නා ලෙසත් තමන් නව සන්ධානයෙන් ඉල්ලන බවත් පවසමිනි සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ පාර්ශවය මෙම රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

Rate this item
(0 votes)