April 06, 2020

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙක් හඳුනාගෙන නෑ

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලද චීන ජාතික කාන්තාව පමණක් බවත් ඇයද මේ වන විට සුවය ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි. 

Rate this item
(0 votes)