April 06, 2020

චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය තවම යහපත්

චීනයේ වුහාන් සිට මෙරටට පැමිණ දියතලාවේ රදවා සිටින ශි‍්‍රලාංකයින් 33 දෙනාගෙන් අද (5) දිනය වනතෙක් ම කෙරෝනා වෛරසයේ කිසිදු රෝගී ලක්ෂණයක් පහළ වී නොමැති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමරත්න මහතා පැවසීය.

මෙම පිරිසගේ ශරීර උෂ්ණත්වය  විශේෂඥ වෛද්‍ය ශවේන් සේමගේ මහතාගේ අධීක්ෂණයේ යටතේ පෙරවරු 8.00, පස්වරු 2.00 හා රාති‍්‍ර 8.00 වශයෙන් දිනකට තෙවරක් පරීක්ෂාවට ලක්කරන බවද හමුදා ප‍්‍රකාශකරයා කියා සිටියේය.

මෙම  විෂබීජය කිසිවකුට හෝ ශරීර ගතව තිබුණ හොත් එය පැතිර යනු ඇති බවට ඇති සැකය අනුව  මෙම පිරිස එකි නෙකාට හමු නොවන  අයුරින්  වෙන් වෙන් වශයෙන් කාමර වල රදවා සිටින බවද හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.

මොවුන්ගේ ශරීර උෂ්ණත්වයන් පවා කාර්ය මණ්ඩලය වෙත  ලබා දෙන්න එස් .එම් .එස් මාර්ගයේ බවද  හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.

මෙම  සියලූ දෙනා උපරිම පහසුකම් සහිතව රඳවා සිටින බවත් වෙනත් පාර්ශව සමඟ සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය අන්තර් ජාලය පහසුකම් පවා ලබා දී ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

හමුදා ප‍්‍රකාශ බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ අද කොල්ලූපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔවුන්ට හිමි කාමර වල රැදී සිටින බවද හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.

Rate this item
(0 votes)