May 27, 2020

හංසයා ගැන විශ්වාස කරලා ඡන්දේ දීපු ජනතාව අද අනාථයි - නලින්ද

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් අසරණ වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය ලබා දුන් පාක්ෂිකයින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර දී පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගෝඨාභයට මහතාට එරෙහිව ඡන්දය දුන් ලක්ෂ 55 ට මේ වන විට සාධාරණයක් වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයින් හැසිරෙන බවයි.

එක් නගරයක අබාධිතයින් දෙදෙනෙක් සිටි බවත් එක් අයෙක් අන්ධ අයෙක් බවත් අනෙකා කොර අයෙක් බවත් ඔවුන්ට වෙන් වෙන්ව හිඟමනේ යා නොහැකි බැවින් ඔවුන් එකතුව ගොස් හිඟා කෑ බව තමා අසා ඇතැයි ද පැවසු ඒ මහතා, පසුව ඔවුන් දෙදෙනා නැවත වෙන්වු බවත් අද වන විට එජාපයේ නායකත්වයත් ඒ තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

තමාට ඇති කණගාටුව වන්නේ, සජිත් හෝ රනිල් ගැන නොව සජිත් හා රනිල් නියෝජනය කරමින් තැනු හංසයාට ඡන්දය ලබා දුන් ලක්ෂ 55 ක ඡනතාව ගැන බව ද ජයතිස්ස මහතා කියා සිටියේය.

අද වන විට එම ජනතාව අසරණ වී ඇතැයි ද පැවසු ඒ මහතා, තවදුරටත් එජාප සන්ධාන දෙස බලා නොසිට ප්‍රබල විපක්ෂයක් ගොඩ නැඟීමට ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබා එකතු විය යුතු මොහොත ආරම්භ වී ඇතැයි ද පැවසීය.

Rate this item
(0 votes)