March 31, 2020

රටට ඕනේ ඩීල්කාර විපක්ෂයක් නෙවෙයි - නලින්ද ජයතිස්ස

එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ භුමිකාව ඉටුකිරිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පානදුර පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"එජාපය මහමැතිවරණයෙන් පස්සෙත් වාඩි වෙන්නේ විපක්ෂයේ තමයි, නමුත් ඔවුන්ට බෑ විපක්ෂයේ භූමිකාව කරන්න. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීලි එකක. එක්කෝ තමන්ට තියෙන නඩු යට යවාගන්න, නැත්තන් තමන්ගේ ව්‍යාපාර ටික පවත්වගෙන යන්න. ඒ වගේම ඔවුන්ට ඉන්දියාවයි, ඇමරිකාවයි මේ රට යටත් කරගෙන හරි කමක් නෑ මේ රටේ බලය අරන් දෙනවා නම්. රටට ඕනේ දුබල ඩීල්කාර විපක්ෂයක් නෙවෙයි, රටට ආදරේ කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. කොහොමත් දැන් එජාපයේ ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕකේ ගොඩ ඒමක් පේන්නේ නෑ. අපරාදේ අර ලක්ෂ 55 ඡන්දේ දීපු ජනතාව කියලා හිතෙනවා. එජාපය බලන්නේ ආණ්ඩුවට සෙට් වෙලා ගොඩයන්න මිසක් රටේ ජනතාවත් එක්ක ගොඩයන්න නෙවෙයි."

Rate this item
(0 votes)