March 31, 2020

"කොරෝනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න"

මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත්  ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය.

පටු දේශපාලන වාසි නොතකා මාරාන්තික කොරොනා වෛරසය මැඩලන්න අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට විපක්ෂය සූදානම් බවත් විපක්ෂනායකවරයා  සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

කොරොනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට වහාම මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවයේ නියුතුවන්ට ලබාදී ඇති ආරකෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී විපක්ෂනායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

Rate this item
(0 votes)