March 29, 2020

රන්ජන් අමාරුවේ - නීතිඥයින් මඟ හරි : "ලොක්කා මට ඇප දෙයිද?" - අමුත්තන්ගෙන් අසයි

යලිත් වතාවක් රක්ෂිත බන්ධනාගාරගත කල රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ප්‍රකට හා දක්ෂ නීතිඥයින් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

විනිසුරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගරගත කර තිබීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයින් මැලි වී සිටියි.

මේ නිසාම රාමනායක මහතා බැලීමට බන්ධනාගාරය වෙත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අන් අයගෙන් රාමනායක මන්ත්‍රීවරයා "ලොක්කා මට ඇප දෙයිද? මම වෙනුවෙන් කවුරුත් පෙනී සිටින්නේ නැහැ" යන වදන් පෙළ පැවසීම පුරුද්දක් කරගෙන තිබෙන බවද වාර්තා වේ. 

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 February 2020 09:37