February 23, 2020

ලෝකවාසීන්ට සෙත් පතා ගංගාරාමයෙන් මහා සති පිරිත් දේශනයක්

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයක් දැඩි අවධානමකට ලක්වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හඳුනාගැනුනු මේ වෛරසය නිසා මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි. ආසාධිතයන් 4000 ක් පමණ වේ. අප රටෙන් ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කාන්තාවක් හඳුනාගෙන තිබේ.

වෙරසය පැතීරි යාමේ අවදානමත් සමග රට තුල ඇති වී තිබෙන හදිසි තත්වය සැලකිල්ලට ගෙන ‌‌ලක්වාසී ජනතාවටත් පීඩාවට පත්ව සිටින සහෝදර චීන ජනතාවටත් ලෝකවාසී ජනයාට සෙත් පතා සිදුකරනු ලබන මහා අධිෂ්ටාන සති පිරිත් දේශණාවක් කොළඹ ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේගේ ප්‍රදානත්වයෙන් හෙට (30) දින රාත්‍රී 08 සිට හුණුපිටිය ගංගාරාම සීමාමාලකයේදී ආරම්භවේ.

Rate this item
(0 votes)