February 26, 2020

චීනයේ සිට සිසුන් ගෙන්වා ගැනීමේදී ප්‍රමුඛත්වය විභූති විශ්වජිත් වීරවංශට Featured

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශ නිසා බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

විභූති විශ්වජිත් වීරවංශ ඉගෙනුම ලබන්නේ  චීනයේ සිචු ආන් ප්‍රාන්තයේ ය.

කොරෝනා වෛරසයට තදින්ම බලපා තිබෙන ප්‍රාන්තය වන වුහාන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට වඩා රජය උනන්දු වී තිබෙන්නේ විරවංශ මහතාගේ පුත්‍රයා සිටින සිචු ආන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.

වුහාන් ප්‍රාන්තයට සම්බන්ධ වීම වළක්වාලමින් එම ප්‍රාන්තය වසා දමා තිබූ නිසා එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 50 කට පමණ දැඩි ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුව තිබේ.

සිචුවාන් ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ වුහාන් ප්‍රාන්තයට කිලෝමීටර් දහසක් පමණ එපිටින්ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඔහුගේ ජංගම හා අමාත්‍යාංශය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඊට ප්‍රතිචාර නොලැබිණි.

Rate this item
(2 votes)