February 26, 2020

මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක්

තමාට  කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර  මරණීය තර්ජන එල්ල කළ බව පවසමින්  රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා  අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ  කොට්ඨාසයට  පැමිණ ඊයේ (28) පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.
 
මරණීය තර්ජන  එල්ල වී ඇති හෙයින් තමාට  ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.
 
ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්  රහස් පොලිසියට හා  පොලිස් බුද්ධි අංශ වලට ද  දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද  එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

Rate this item
(0 votes)