February 23, 2020

රන්ජන්ගේ ප්‍රශ්නය තුළින් එජාපය පරාජය වහ ගන්න හදනවා - සුදර්ශනී

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ඇති අර්බුද සැඟවීමට පක්ෂය විසින් රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය ඉස්මතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

දිවුලපිටිය ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ගැන විශාල අර්බුදයක් ඇති බවත් එතුමිය පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් දැවැන්ත පරාජයක් ලබා ගන්නා බවත් පැවසු ඒ මහත්මිය, එය සියල්ල වසා ගැනීම සඳහා රන්ජන් රාමනායක සිදුවීම එක්සත් ජාතික පක්ෂය විසින් ඉස්මතු කර ඇතැයි ද කියා සිටියේය.

පසුගිය වසර 4 හමාර තුළ එජාපය ඉතා දක්ෂ ලෙස කාලීන ප්‍රශ්න අමතක කර රටේ ජනතාවගේ මතය වෙනස් කිරීමට සමත් වු බවත් පැවසු මන්ත්‍රීවරිය අදත් එවැනිම ජයනිකාවක් රඟ දක්වන බවත් පැවසීය.

රන්ජන් රාමනායකගේ සිදුවීම තුළින් විවිධ අදහස් දක්වමින් එජාපයේ සැබෑ අර්බුදය යට ගැසීමට ඔවුන් උත්සහ ගන්නා බවත් මන්ත්‍රීවරිය කියා සිටියේය.

Rate this item
(0 votes)