February 23, 2020

අලුතින් හදන ව්‍යවස්ථාව දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් වෙන්න බෑ - විදුර

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හොරණ මදුරාවල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ තිබෙන්නා වූ ව්‍යවස්ථාව හැල්ලූවෙච්ච, බාල්දු වෙච්ච, දියාරු වෙච්ච ව්‍යවස්ථාවක්. දැන්වත් අපි සියලුදෙනාම එකට එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හදන්නට ඕනේ. හැබැයි මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි. ජාතීන් වෙන්නට පුළුවන්, ආගම් වෙන්නට පුළුවන්, අපි පිළිගන්නට වෙනවා අපේ රටේ කාලයක් තිස්සේම මුල්බැසගත්ත දේවල් සිංහලකම වේවා, බෞද්ධකම වේවා, ඒවාට ගෞරවයක් දෙමින් ඒවාගේ අනේකුත් ජාතීන් සහ ආගම් පාගන්නේ නැති හෙළාදකිනේ නැති, කොන් කරන්නේ නැති, වැඩපිළිවලකට අපි යන්නට ඕනේ. එකතුවක් තුළ පමණයි අලුත් රටක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. මේ ව්‍යවස්ථාව වෙනත් රටක ව්‍යවස්ථාවක අනුපිටපතක් නොවිය යුතුයි.“

Rate this item
(0 votes)