February 26, 2020

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් බෞද්ධ සංස්කෘතියට හානියක් සිදුවන්නේ නෑ - ආනන්ද සාගර හිමි

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය පිරිවෙන් සඳහා ද ලබා දිය යුතු බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

හතේ අපේ පොත තමන් වහන්සේගේ කියවූ බවත් එහි කරුණු දෙක තුනක් හැර අන් කරුණු වල ප්‍රශ්නයක් නොමැති බවද උන්වහන්සේ සඳහන් කරයි.

අනවශ්‍ය කරුණු කිහිපය මෙන්ම මෙම පොත ලබාදිය යුත්තේ හතේ පන්තියට ද අටේ පන්තියට ද යන්න පිළිබඳවත් සලකා බැලිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

දරුවන්ට මෙන්ම පිරිවෙන් වලට ද ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් ලිංගික අතර වලට මෙන්ම බෝවන රෝග වලට ගොදුරු වීමෙන් වැළකීමට හැකි බවද ලිංගික අධ්‍යාපනය ලබාදීම බෞද්ධ සංස්කෘතියට කිසිසේත්ම පටහැනි නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

ආනන්ද සාගර හිමියන් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයාද වෙයි.

Rate this item
(0 votes)