February 23, 2020

ආර්ථිකව වැදගත් සියලු ආයතන සඳහා සභාපතිවරු පත්කර අවසන් - නාලක ගොඩහේවා

ආර්ථික වශයෙන් වැදගත් සියලු ආයතන සඳහා සභාපතිවරු පත් කර අවසන් බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙ බව සඳහන් කළේය.

එමෙන්ම සභාපති 300කට අධික සංඛ්‍යාවක් මේ වන විට පත් කර අවසන් බවත් ඒ මහතා පැහැදි කළේය.

තවත සභාපතිවරුන් පත් නොකරණ ඇතැම් ආයතන පවතින බවත් එවැනි ආයතන වෙනත් ආයතනයක් සමඟ සම්බන්ධ කරමින් කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ පසු ගිය ආණ්ඩු සමයේ සභාපතිවරුන් පත් කරමින් වසර 5ක් පුරා කිසිදු කර්යභාර්යයක් සිදු නොකර සිටි පිරිස වත්මන් ආණ්ඩු කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට තිබෙන අයිතිය කුමක්ද යනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

Rate this item
(0 votes)