July 06, 2020

ජනාධිපතිගේ හොඳ ප්‍රතිපත්තිවලට අපි සහය දෙනවා - කවින්ද

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව නිවැරදි නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ගම්පහ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව 2015 ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව පෙරත් එක් එක් විරුද්ධවාදීන්ගේ පක්ෂ දෙකඩ කරලීමට කටයුතු කළ බවයි.

ඉතිහාසය පිළිබඳ කල්පනා කිරීමේ දී ඒ බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රටට යහපත් දේ ඉදිරිපත් කිරීමට තිබේනම් ඒවාට සහයෝගය ලබා දෙන බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්ෂ, පාට හෝ කුල භේදයකින් තොරව අදාළ ආසනය නියෝජනය කරන පුද්ගලයා හොරෙක් හෝ මංකොල්ලාකාරයෙක් නොවන බවන අයෙක් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

එවැනි හරි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට පත් කර හොඳ පාර්ලිමේන්තුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසත් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Rate this item
(0 votes)