February 23, 2020

සජිත්ගේ නායකත්වයෙන් යුත් සන්ධානයේ ලේකම් කමින් අකිල ඉවතට

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි වීමට යෝජිත නව සන්ධානයේ මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා නොදීමට සන්ධාන නායකයින් තීරණය කොට තිබේ.

සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය මුල් වූ සන්ධානයක් ගොඩ නැගීමේ දී මහා ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට ලබාදීම සිරිතක් පැවතිනි.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගැති ව කටයුතු කිරීම සන්ධාන නායකයින්ගෙන් එම තීන්දුවට හේතුවී තිබේ.

යෝජිත සන්ධානයේ නව ලේකම්වරයා සම්බන්ධයෙන් තීන්දුවක් එම සන්ධානයේ නායකයින් එක්ව ඉතා නුදුරේදී ගනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

නාමයෝජනා ලබාදීම මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කිරීමේදී ප්‍රධානතම කාර්යභාරය සිදුවන්නේ පක්ෂයක ලේකම්වරයා අතිනි.


Rate this item
(3 votes)
Last modified on Wednesday, 29 January 2020 10:17