February 29, 2020

මහින්ද රාජපක්ෂගේ කාලේ මහබැංකුවේ කිසිම වංචාවක් සිදුවෙලා නෑ - ෂෙහාන් Featured

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුව නොමැති බවට තමන් සහතික වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි. 

"දැන් ඒ මහබැංකුව මංකොල්ල කාපු අය අද කියන්න අරගෙන තියෙනවා අපේ ආණ්ඩුවත් මහබැංකුවෙන් වංචාවක් සිදු කළා කියලා. හැබැයි අපි ඉතාම වගකීමෙන් එක්සත් ජාතික පක්ෂයටත් තමුන්නාන්සෙලාටත් කියනවා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ කාලය තුළ මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුවෙලා නෑ කියන සහතිකය අපි මේ රටේ සියලු දෙනාටම ලබා දෙනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)