February 29, 2020

"පොහොට්ටුව ලකුණ අවුලක් නෑ" - ශාන්ත බණ්ඩාර

මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කිරීම පිළිබඳව ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එහෙත් ඒ, පොහොට්ටුව ලකුණ පොදු සන්ධානයක් ලකුණ බවට පත්වන්නේ නම් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර පිහිටුවන සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම අනිවාර්ය බවත්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීමට ශ්‍රීලනිපය සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් පොදු සන්ධානයේ ලකුණ ලෙස පොහොට්ටුව යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් නෛතික ගැටලුවක් පවතින බව ද ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ගොඩනගන සන්ධානයේ එක් පාර්ශ්වයක් පමණක් වන හෙයින් සන්ධානයේ ලකුණ කුමක්ද යන්න පිළිබඳව ශ්‍රීලනිපයට තීරණය කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මීට පෙර ශ්‍රීලනිපය අවස්ථා කිහිපයකදී පුටුව, බුලත් කොලය යන ඡන්ද ලකුණුවලින් වෙනත් පක්ෂ සමග සන්ධාගතව ඉදිරිපත් වූ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)