February 23, 2020

ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

රොහාන් ප්‍රනාන්දු මහතා තේ කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි.

ඔහු 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 

ඔහු ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.

Rate this item
(0 votes)