February 27, 2020

නව මුහුණුවරකින් මහමැතිවරණයට මුහුණ දෙන්න සූදානම් - ගයන්ත

නව මුහුණුවරකින් මහමැතිවරණයට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට පක්ෂයේ සිදු විය යුතු ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව අදාළ කටයුතු සිදු කිරීමට පක්ෂය සූදානම් බවත් ඒ මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)