February 27, 2020

රනිල් ගියොත් එජාපෙ ඉවරයි කිව්වට අපිට එහෙම හිතෙන්නේ නෑ - අජිත් පී.පෙරේරා

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීම, පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

සිරිකොතදී පැවති කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන් ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා මෙසේ පැවසීය.

“කීහිපදෙනෙක්ම හිතවා රනිල් වික්‍රමසිංහ මහතා මිය යනතුරුම නායකයා විය යුතු බව, කීහිපදෙනෙක් හිතවා රනිල් වික්‍රමසිංහ මහතා මහතා ගියොත් එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියලා. ඒත් අපිට එහෙම හිතෙන්නේ නෑ. අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයට නායතක්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම මේ පක්සයේ සිටිනවා. අපි ඉල්ලා සිටින්නේ, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අතිමහත් බහුතරයක් මේ මතය දරන නිසා නායකතුමා ඉල්ලා අස්වෙලා. අළුත් නායකයෙක්, අළුත් නායකත්ව කණ්ඩායමක් සහ අළුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා“

Rate this item
(1 Vote)