February 27, 2020

කරන්න පුළුවන් ඒවා විතරයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ - බන්දුල

වතු හිමිකරුවන්ට ලබා දී ඇති සහන කමිකරුවන් වෙත විතැන් කිරීම සඳහා මාර්තු පළමුවනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“මාර්තු පළමුවනදා සිට වතුකරයේ වැඩ කරන ජනතාවට දෛනික දීමනාව රුපියල්  1000ක් දක්වා වැඩිකරන්න ජනාධිපතිවරයා තෛයිපොංගල් දිනයේදී පනිවිඩයක් ලබා දුන්නා. ඒ දීර්ඝ කාලයක සිට කරපු අරගලයක්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් කරලා තියෙනවා. වතුහිමියන්ට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් පසුගිය කාලයතු ලාබා දීලා තියෙනවා. ඇතැම් බදු වර්ග සම්පූරණයෙන් අහොසි කරලා තියෙනවා. වැටි අනුපාතය සියයට 8 දක්වා අඩුවෙලා තියෙනවා. ලැබෙන ප්‍රතිලාභවලින් සේවකයන් වෙතට අතිරේක මුදලක් විතැන් කිරීමට සඳහා තමයි වැටුප් වැඩිවීම කරලා තියෙන්නේ. තෛයිපොංගල් දිනයේ තොන්ඩමන් අමාත්‍යවරයාගේ ඉල්ලීම වුණේ මේ දිර්ඝ කාලයක් වතු කරම් කරුවන්ගේ ඉල්ලීම සඳහා එය ලබා දෙන නිසි දිනයක් සඳහන් කරන ලෙස.“

Rate this item
(0 votes)