April 06, 2020

ජනතාව බලයක් දෙයි කියලා කෙහෙළිය විශ්වාසයෙන්

අන්තවාදීන්ට යටනොවී මෙරට නීතිපද්ධතිය සකස්කිරීම සඳහා ශක්තිමත් පාලනයක් ගොඩනැගිය යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේබව ප්‍රකාශ කළේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් අනාථ වී ඇති බවයි.

ජනතාව පිළිකුල් සහගත ලෙස ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බවත් එය තවත් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් මේ දිනවල සිදුකරමින් පවතින බවත් කියා සිටි රඹුක්වැල්ල මහතා, මැතිවරණයේ දී කිසිදු සැකයකින් තොරව තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

විශේෂයෙන් එජාපය පක්ෂයක් වශයෙන් ඉතා අසාර්ථක පාලනයක් මෙන්ම යහපාලනය තුළ ගනු ලැබු පළිගැනීම් මේ වන විට හෙළි වෙමින් පවතින බවත් ඒ මහතා පැවසිය.

රටේ ජනතාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ රටේ සිදුවු විනාශය නිවැරදි කළ හැකි බලයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය තමාට ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)