January 30, 2020

රංජන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස  නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත අද නියෝග කළේය.

ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට  අදාළවයි.

Rate this item
(0 votes)