January 29, 2020

ජනප්‍රියම නායකයා සජිත් - මනෝ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කා හට හිමි වුවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද අදහස් පළ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මේ බව පැවසීය.

“සන්ධානේ නායකයා සජිත් වෙන්න ඕනේ. ජනප්‍රියම නායකයා සජිත්. අපි ඡන්දේ ඉල්ලන්නේ සන්ධානයෙන්“

Rate this item
(0 votes)