January 30, 2020

"ආණ්ඩුව ගන්නකං මචං හුචන්ලා - දැන් අපට කොකා පෙන්වනවා" - විමලවීර දිසානායක (VIDEO)

"දුෂ්කර අවස්ථාවේ මම මේ දේශපාලන ව්‍යාපාරයට වැදගත් මිනිහෙක්. ඒත් ආණ්ඩුවක් ගත්තට පස්සේ මම එතරම් වැදගත් මිනිහෙක් නෙමෙයි. ආණ්ඩු බලය ගන්න අපි මචං හුචන් කියාගෙන වැඩ කටයුතු කළේ. ඒත් ආණ්ඩු බලය ගත්තට පස්සේ මේ මචං හුචන්ලා වෙනස් වෙන්න පටන් අරගෙන තියෙනවා." යැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 13 වැනිදා අම්පාරේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු තමන් වෙත වන ජීවී කැබිනට් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් වගකීම් පවරා නොදීම සම්බන්ධයෙන් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී.

විෂයභාර කැබිනට් අමාත්‍යවරයා වන චන්ද්‍රසේන මහතා හා තමන් සමකාලීන වන නමුත් ඔහු තමාට විෂයක් පවරා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකරන බවද දිසානායක මහතා චෝදනා කරයි.

මේ සම්බධයෙන් විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් එවැනි ප්‍රකාශයක් කළ බවත් ඒත් දැන් තමන් වැඩක යෙදී සිටින බැවින් ඒ පිළිබඳ ව කතා කිරීමට නොහැකි බවත්ය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)