July 07, 2020

රාජිතට නොතිසි නිකුත් කරයි

සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  කර සිටින  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය  ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද  (13)  සිතාසි නිකුත් කළේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දමා රාජිත සේනාරත්න මහතා රීමාන්ඞ් භාරයට පත්කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී බොරු රැවුල්වලින්  සරසා පුද්ගලයින් දෙදෙනකු කැඳවා මාධ්‍ය සාකච්ජාවක්  පවත්වා අසත්‍ය කරුණු හෙළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වූ බව ද නීතිපතිවරයා අදාළ  ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මගින් කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත.

සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකළත් ඔහු දින කීපයක් සැඟවී සිටි බවත් අනතුරුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම මත සිද්ධියට අදාළව ඔහුගෙන් ප‍්‍රකාශයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවත් දැනුම් දුන් නීතිපතිවරයා මේ සම්බන්ධ සියලූ කරුණු අධිකරණයට දැනුම්දුන් බවත් සිය පෙත්සමේ සඳහන් කොට ඇත.

අපරාධ සිද්ධියක ප‍්‍රධාන විමර්ශකයා වන්නේ මහේස්ත‍්‍රාත්වරයා බවත් අපරාධය හෙළිකරගැනීම සඳහා ඔහු විමර්ශන  නිලධාරීන් මෙහෙයවිය යුතු බවත් දැනුම් දුන් නීතිපතිවරයා මෙම සිද්ධියට අදාළව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය එලෙස කටයුතු කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)