January 30, 2020

මහ මැතිවරණය ගැන ඩලස්ගෙන් ඉඟියක්

අද සිට දින 46 කින් පසු එළඹෙන දිනයේදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ලැබෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේ පැවසීය.

"අද ඉදලා හරියටම දින 46කින් පසු එළඹෙන දවසේ මධ්‍යම රාත්‍රී 12ට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ලැබෙනවා ජනාධිපතිතුමාට. දින 46කින් පසු විසුරුවා හැරියොත් ඊළඟ මහා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබෙනවා අද ඉදලා හරියටම දින 100කින්. සෞභාග්‍යයේ දැක්ම ගැන විශ්වාසය තබපු පුරවැසියෙක් විදිහට මම හිතනවා මේ පාර්ලිමේන්තුව ඒ දින 46න් පස්සේ විනාඩියකින්වත් ආයුෂ දිගු කරන්න හොඳ නෑ."

Rate this item
(0 votes)