August 15, 2020

දෙමළ ඊලාම් පාපන්දු කණ්ඩායමක් බිහි වේ - ශ්‍රී ලංකා ජාතික පිළට වඩා දක්ෂලු Featured

යුද්ධයෙන් දෙමල ඊලම් සංකල්පය පරාජය කලද යුරෝපයේ සහ කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව විසින් දෙමල ඊලාම් පාපන්දු කණ්ඩායමක් බිහි කර තිබේ. 

මෙම දෙමළ ඊලාම් පාපන්දු කණ්ඩායම ස්වාධින පාපන්දු සංගම්වල එකමුතුව (CONIFA) සංවිධානය කළ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයකට නෙදර්ලන්තයේ හේග් නගරයේදී සහභාගී වී තිබේ.

ඉන් බටහිර පපුවා කණ්ඩායම පරාජය කරමින් දෙමළ ඊලාම් පාපන්දු කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා තිබේ. 

අර්ධ වෘතිකයන් සහ අධුනිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමයට වඩා බෙහෙවින් දක්ෂ බවද වාර්තා වේ. 

මෙම ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම් 59ක් සහභාගී වන අතර ඊට ආසියානු රටවල් 11ක කණ්ඩායම් ද ඇතුලත් වේ. ඒ අතර ඉන්දියාවේ පන්ජාබ්, මියන්මාරයේ රෝහින්යා, චීනයට යාබද තිබ්බතය ද වේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 13 January 2020 10:54

Live