April 02, 2020

"දහම් තාත්තට කියලා පොලිස් නිලධාරියෙකු ඉහළ තනතුරකට යොමු කළා" - තවත් ආන්දෝලනාත්මක හඬ පටයක් එළියට (AUDIO)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬ පටයක් නිකුත් වී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහල තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු රංජන් රාමනායක මහතා සමග රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම හඬ පටයේ සාකච්චා කරයි.

දහම් සිරිසේන මහතා තම පියා වූ හිටපු ජනාධිපති වරයාගේ බලතල ද ගෙන හිතවත් පොලිස් නිලධාරියෙකු ඉහළ තනතුරකට යොමුකර ඇති බව එම සාකච්චාවේදී ශානි අබේසේකර මහතා සදහන් කලේය.

Rate this item
(0 votes)