February 27, 2020

"සජිත් මැට්ටෙක්" - රන්ජන්ගෙන් චරිත සහතිකයක් (AUDIO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මෙරට විදෙස් මාධ්‍යවේදියෙකු වන අමල් ජයසිංහ සමගින් කරන ලද දුරකතන සංවාදයක දී ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනිය සහ මෛත්‍රී ගුණරත්න බවත් මන්ත‍්‍රීයරයා එහිදි පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට තනිව තීරණයක් ගත නොහැකි බවත් තමන් ඔහු ළඟින්ම වැඩ කර තිබෙන බවත් කිසිම කැපෑසිටියක් ඔහුට නැති බවත් සංවාදයේදී රාමනායක මහතා කියයි.

Rate this item
(0 votes)