April 06, 2020

සංශෝධන විතරක් කරලා ව්‍යවස්ථාවේ කඩතොළු මකන්න බෑ - විදුර

සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංශෝධන කිරීමෙන් පමණක් ව්‍යවස්ථාවේ ඇති කඩතොළු මැකිය නොහැකි බවයි.

එබැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට දැනෙන බවත් පැවසු අමාත්‍යවරයා, රටේ උරුමයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් රටේ ජනතාවගේ සිතුම් පැතුම් කේන්‍ද්‍ර කර ගත් අනාගතයට වලංගු ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇතැයි ද පැවසීය.

21 වන සංශෝධනය ගැන එක් අතකින් සතුටු වුවත් විශේෂයෙන් තම ඡන්ද දායකයාට කිට්ටු වු මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා මිශ්‍ර ක්‍රමයක අවශ්‍යතාවය පවතින බවත් කියා සිටියේය.

Rate this item
(0 votes)