February 27, 2020

රනිල් සජිත් ළඟ ඉදගන්න බැහැ කියයි Featured

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය අද (03) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ ආසනය වෙනුවට වෙනත් ආසනයක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්කර ඇත. 

එමෙන්ම විපක්‍ෂයේ අනිකුත් පළමු පෙළේ ආසන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනිකුත් පක්‍ෂ නායකයන්, දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නායකයන් සහ ජනතා විමුක්ති පෙමුණේ පක්‍ෂ නායකයන් වෙනුවෙන් වෙන්කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

Rate this item
(1 Vote)