February 17, 2020

මාස 2ක් යන්න කලින් දේශපාලන දඩයම පටන් අරන් - හේෂා

අද වනවිට වර්තමාන ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"ආණ්ඩුව පත්වෙලා මාස 2ක් යන්න කලින් මේ ආණ්ඩුව දේශපාලන දඩයම පටන් අරන්. මේක නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ ජන වරම. මේ ජනවරම ලබා දුන්නේ මේ රට ඉදිරියට අරන් යන්න, දේශපාලන වෙනසක් කරන්න. එදා නිශ්ශබ්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ තනතුර තුළ යම් වැඩ කොටසක් කළා, ඒකට ගරුත්වයක් එක්කයි මේ ජනවරම ලබා දුන්නේ. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ගෝඨාභය මහතාම හුදෙකලා කරලා එදා රාජපක්ෂ මහත්තයාත් එක්ක පිටිපස්සේ හිටපු කල්ලිය නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා දේශපාලන දඩයම් කරන්න. කාට හරි අමාත්‍යවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට, දේශපාලකයෙකුට චෝදනාවක් තියෙනවා නම් මේ රටේ ස්වාධීන නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ. හැබැයි ඒක දේශපාලන ස්වරූපයක් අරගෙන දඩයමක් කරනවා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත වල පල්ලට ඇඳ දැමීමක්"

Rate this item
(0 votes)