February 17, 2020

ෆවුසි ඉවත් කර මෛත්‍රී පාර්ලිමේන්තු එන්න යන කතාව පට්ටපල් බොරුවක් - තිලංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්. එම්. ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත්වීමට උත්සාහ දරන්නේය යනුවෙන් එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි. 

ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ඇත්තටම පට්ටපල් බොරුවක්. හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු එන්න ඕනෙ නම් අපේ ඕනෙ කෙනෙක්ට ඉල්ලා අස්වෙලා ජාතික ලැයිස්තුවෙන් එතුමාට එන්න පුළුවන්. නමුත් එතුමා තීන්දු කළා මේ මාස කිහිපය එතුමා තමන්ගේ පෞද්ගලික කටයුතුවලට, පවුලේ අයට වෙලාව යෙදෙව්වෙත් නෑ, ඒනිසා පොඩ්ඩක් ඉඳලා මහමැතිවරණය එනකොට කල්පනා කරනවා කියලා මොකද්ද කරන්නෙ කියන එක. "

Rate this item
(0 votes)