April 06, 2020

චම්පික අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නෙමෙයි - එස්.එම්

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීමක් නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

රිටිගල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

අදාළ සිදුවීමට හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සම්බන්ධ බවට ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්  සිදුකළ බව මාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)